Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව, නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ජූලි මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා.

එම නඩුවේ වාචික හා ලිඛිත දේශන මේ වන විට පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කර අවසන්ව තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල වී තිබෙනවා.