පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කර තිබූ යෝජනාව ක්‍රියාත්මක කර තිබුණේ නම්, අද කොළඹට පැමිණ මිනිසුන් උපවාස නොකරනු ඇති බව සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක පවසනවා.
ඒ අනුව, ජනාධිපතිවරණයට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කාදිනල් හිමිපාණන් හමුවී සිය ස්ථාවරය දැනුම් දී තිබුණු බවයි අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.
එහිදී යෝජනා කර තිබුණේ දේශීය හා විදේශීය විනිසුරුවරුන්, විමර්ශකයන් සහ නීති විශේෂඥයන්ගෙන් සමන්විත කොමිසමක් පත්කර, FBI වැනි ආයතනවල සහායත් ලබා ගනිමින් මෙම පරීක්ෂණ සිදුකිරීම බව ද ඔහු සඳහන් කළා.
විශ්‍රාමික ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න වැනි පොලිස් නිලධාරීන් ජනාධිපතිවරයාගේ දේශපාලන රැස්වීම්වලට ගොස්, පසුව ජනාධිපතිවරයාම පැමිණ නිල ඇඳුම් අන්දවා නැවත වැඩ කරවන විට, නීතිය සාධාරණ සහ සමබර දැයි ජනතාව ප්‍රශ්න කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.



