Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙහි සෙසු සාමාජිකයන් ලෙස,

I. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව

II. මුල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේෂාල් ද මෙල්

III. ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණය, ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කරගැනීම් විශේෂඥ දුමිත් ප්‍රනාන්දු

IV. මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහුගේ නියෝජිතයෙකු

V. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්/ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකු හෝ නියෝජිත

VI. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා

VII. ආයතනික, ගුවන් සේවා, මහජන නීතිය යන විෂයයන් පිළිබඳ විශේෂඥතාවක් ඇති නීති විශේෂඥයන්

VIII. ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයන් 

යන අය පත් කෙරෙනු ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව පුළුල් සාර්ව ආර්ථික පරිසරයේ දෘෂ්ටිකෝණයන් සැලකිල්ලට ගනිමින්, පුළුල් උපායමාර්ගික සමාලෝචනයක් සිදු කිරීම හදිසි ප්‍රමුඛතාවක් ලෙස රජය හඳුනාගෙන ඇති අතර, මෙම සමාලෝචනයේ ප්‍රධාන අරමුණ වන්නේ, රජය මත දිගුකාලීනව පැටවෙන මූල්‍ය බර අවම කරමින්, මුල්‍යමය වශයෙන් තිරසාර සහ වාණිජමය වශයෙන් කාර්යක්ෂම ජාතික ගුවන් සේවාවක් ස්ථාපිත කිරීම බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
 

අදාළ නිවේදනය පහතින්.