Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ අනුව, විත්තිකාර හිටපු අමාත්‍ය චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධි චෝදනා දෙකක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2014 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වැනිදා අතර කාලසීමාව තුළ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලට ලබාදීමට රජයේ වියදමින් ගෙන්වන ලද බඩඉරිඟු බීජ කිලෝග්‍රෑම් 36,000 ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාහැරීම තුළින්, අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වන 'දූෂණය' නමැති වරද සිදු කර ඇති බව අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනුකළ චෝදනා පත්‍රයේ සඳහන් වනවා.