Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩ කටයුතු මාසයක කාලයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පූර්ව ළමාවිය අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය (ප්‍රාථමික, ද්විතීයික හා තෘතීක), උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, තාක්ෂණ අධ්‍යාපනය, ඩිජිටල් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනය යන කුලුනු ඔස්සේ සිදු කෙරෙන බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙතෙක් මෙරට පැවති අධ්‍යාපන ක්‍රමවේදය හා වරින්වර ක්‍රියාත්මක වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා එමගින් සමාජයීයව ඇති කළ වෙනස්කම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.

එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාලෝචනය කර, ඉන් මතුවන වැදගත් කරුණු කෙරෙහි නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරිමේදී අවධානය යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.