නීති විරෝධී ආයතන සම්බන්ධයෙන් නියාමනයක් නොමැති බවත්, එම ආයතන නීතියෙන් තහනම් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කළ යුතු සහ නියාමනය කළ හැකි වන්නේ, නීතියේ ප්‍රතිපාදන හරහා ඒ සඳහා බලය දී ඇති ආයතන පමණක් බවයි මහ බැංකුව සඳහන් කළේ.
යම් ආයතනක් වගාවන් සඳහා තැන්පතු භාරගන්නේ නම්, එතැන සිදුවන්නේ මූල්‍ය ව්‍යාපාර පනත උල්ලංඝනය කිරීමක් බැවින්, මහ බැංකුව ඒ සඳහා මැදිහත් වන බවත්, එසේ නොමැතිව රටේ තිබෙන සියලුම ආකාරයේ ව්‍යාපාර අධීක්ෂණය කිරීමේ වගකීමක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොමැති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



