එක්සත් ජනපදය විසින් අද රාත්‍රියේ ඉරානයට ඉතා දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, නුදුරේදීම කිසියම් අවස්ථාවක, කාර්ග් දූපත සහ අනෙකුත් තෙල් යටිතල පහසුකම් ස්ථාන ද සිය භාරයට ගන්නා බවයි, සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.
වෙනිසියුලාව සම්බන්ධයෙන් සිදු කළාක් මෙන් ඉරානයේ තෙල් සහ ගෑස් වෙළෙඳපොළේ සම්පූර්ණ පාලනය තමන් සතු කරගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




