Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් සිදුකළ මහජන මැදිහත්වීම, කිසිසේත්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් සිදු කළ ද්වේෂ සහගත මැදිහත්වීමක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

අධිකරණ නියෝගයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුවන මානුෂීය නොවන විමර්ශන ක්‍රියාවලීන් කෙරෙහි එහිදී විරෝධය පළ කළ බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ චූදිතයෙක් විසින් එම විමර්ශන සිදු කිරීම පිළිබඳව පාර්ශ්ව ගණනාවක්ම යම් ප්‍රශ්න කිරීමක් සිදු කරන බවත්, ඔහු මෙයින් ඉවත්විය යුතු බවට වන ස්ථාවරයක් සිය පක්ෂය නොදැරූ බවත් ඔහු ප්‍රකාශ කළා.

මෙම සත්‍යග්‍රහය සිය පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවත්, මෙය සිවිල් සංවිධාන සහ මහජන මැදිහත්වීමක් මත සිදුවූ සත්‍යග්‍රහයක් බවත්, ඒ සඳහා පක්ෂයක් ලෙස ලබාදිය හැකි උපරිම සහාය ලබාදුන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.