Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ලංකාවේ ප්‍රභූ නොවන පන්තිය පාලක පන්තිය බවට පත්ව ඇත්තේ පළමු වතාවට බවත්, එය ඉතිහාසය තුළ ලියවෙනු ඇති බවත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.

ඒ අනුව, ප්‍රභූ නොවන පන්තියේ පාලනයක් ලෙස දිගටම බලයේ සිටිනවා යන අධිෂ්ඨානයක් ඇති බවත්, නැවතත් දේශපාලන බලය, ආර්ථික බලය, සමාජ සංස්කෘතික බලය රටේ ප්‍රභූ පන්තිය ලෙස වැජඹුණු අයට ලබාදීමට කටයුතු නොකරන බවට වන අධිෂ්ඨානයක් තමන්ට ඇති බවයි උත්සවයක් අමතමින් අද (11) අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එසේම රට හැදීමට අවශ්‍ය නම් කළ යුත්තේ දේශපාලනය හා රාජ්‍ය සේවය වෙනස් කිරීම බවත්, එම දෙක කාර්යක්ෂම කිරීමකින් තොරව රට හැදීමට නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.