Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රුපියල් 345 ක් ලෙස සටහන් වූ විනිමය අනුපාතිකය රුපියල් 330 කට රැගෙන ආ බවට පවසමින් සතියකට පෙර විශාල කලබලයක් සිදුකළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

එසේම එම අගය 309 සිට 350 දක්වා ගිය විට සියළු දෙනා එයට බිය පළ කළ බවද ඔහු පෙන්වා දුන්නා.

දැන් එම අගය 341 දක්වා පැමිණ ඇති බවත්, මෙහිදී මහ බැංකුවේ ඇති ශක්තිමත් බව කුමක්ද යන්න විමසා සිටිය යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මෙහි කිසිදු පරිපාලනයක් නොමැති බවත්, එය 'නූල කපා දැමූ සරුංගලයක් ඔහේ ගමන් කරනවා' මෙන් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැඩිදුරටත් පවසා සිටියා.