Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වෙළඳපොළ මිල කොතරම් ඉහළ ගියත්, වී වගාවට අවශ්‍ය යූරියා 50 KG පොහොර මිටියක් මෙම කන්නය පුරාම රුපියල් 10,200කට ලබාදීම සඳහා රජය තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පවසනවා.

ඒ අනුව, ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් මෙම මිලට පොහොර ලබා දීමට කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

එසේම, මෙම කන්නයේ සිට පොහොර සහනාධාරය ලෙස ලබාදෙන මුදල වැඩි කිරීමට තීරණය කර ඇති බවත්, මෙතෙක් රුපියල් 25,000ක්ව පැවති එම සහනාධාරය රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියා.

මෙම සහනාධාරය ගොවි මහතාගේ බැංකු ගිණුම් අංකයට බැර කිරීම සිදු කරන බවත්, මීට පෙර වාරික දෙකකින් ගෙවනු ලැබූ මෙම පොහොර සහනාධාරය මෙම කන්නයේ සිට රුපියල් 30,000 ක මුදල එකවරම ගෙවීම සිදුවන බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග වැඩිදුරටත් පවසා සිටියේ.