ජුනි මාසය සඳහා ලාෆ්ස් (Laugfs) ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
දැනට වෙළඳපොළේ පවතින මිල ගණන් ඒ අයුරින්ම මෙම මාසය සඳහා ද වලංගු වන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ 6,245 සහ කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ රුපියල් 2,500 ක මිල ගණන් යටතේ ලාෆ්ස් ගෑස් අලෙවි කරන බවයි එම ආයතනය සඳහන් කළේ.
මීට පෙර, ලිට්රෝ ගෑස් සමාගම ද ජුනි මාසය සඳහා ගෑස් මිල සංශෝධනය නොකරන බව නිවේදනය කර තිබුණා.



