Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

සුරේෂ් සලේ විසින් තමාට ගෙල වැල ලා ගැනීමට සිතෙන බවත්, සියදිවි නසා ගැනීමට සිතෙන බවත්, ඉතා අපහසු විශාද තත්ත්වයක් ඇති වී ඇති බවත් පවසන බව ද, මෙය ඉතාම විහිළු සහගත තත්ත්වයක් බවද වසන්ත මුදලිගේ පවසනවා.

2022 අරගලයෙන් පසුව, තමන් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට පත්වූ බවත්, එහිදී තමන්ට චෝදනා රැසක් ගොනු කොට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යට‍තේ තමා සිරගත කළ බවත් ඔහු පවසා සිටියා.

එහිදී රනිල් වික්‍රමසිංහ තමන්ම සිරගත කළ බවත්, දේශබන්දු තෙන්නකෝන් එයට සහාය ලබාදුන් බවත්, එහි එක් කොනක සුරේෂ් සලේ වැනි අයත් සිටි බවත් ඔහු පෙන්වා දෙනවා.

තමන්ව අඳුරු කාමරවලට දැමූ බවත්, හුස්ම ගැනීමට පවා නොහැකි, සුළං පොදක් නොවදින, ආලෝකය බිඳුවක් හෝ නොපැමිණෙන එම කාමරවල තමන්ව 'දහඩිය දාමා කුණු වෙන්නට' හැර තිබුණු බවත්, හරිහමන් ලෙස කෑම බීම හෝ නිදා ගැනීමට ඇතිරිල්ලක් හෝ නොදුන් බවත් ඔහු චෝදනා කරනවා.

එදා තමන්ට එම පීඩාව ලබාදුන්, තමාව ඝාතනය කිරීමට සැලසුම් කළ, නමුත් ජනතා විරෝධය නිසා එය සිදුකර ගැනීමට නොහැකි වුණු සුරේෂ් සලේ දැන් ඇප ලබාගැනීම සඳහා 'කෙඳිරි ගාමින්' සිටින බවයි වසන්ත මුදලිගේ පවසන්නේ.

පශ්චාත් භාගය රිදෙන බවත්, ගෙල වැල ලා ගැනීමට සිතෙන බවත් පවසා, පාස්කු ප්‍රහාරයෙන් 300 ක් මරා දැමූ බව අමතක කරවා, 500 ක් තුවාල ලැබූ බව අමතක කරවා දැන් ඔහු ඇප ලබා ගැනීමට උත්සාහ කරන බව ද, එය ඉතාම විහිළු සහගත කාරණයක් බවද ඔහු පෙන්වා දෙනවා.

දේශපාලඥයින් සිය බල හුවමාරු වෙනුවෙන්, බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමාව භාවිතා කරන බව ආරක්ෂක අංශයේ අය හොඳින් දැනගත යුතු දෙයක් බවත්, දේශපාලන පෙරළිවලදී දේශපාලකයන් පසුපස සිටීම නිසා පසුගිය පාලන සමයන් හි සේවය කළ බොහෝ ආරක්ෂක ප්‍රධානීන් අත්අඩංගුවට පත් වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ බලයට රැගෙන ඒම සඳහා සුරේෂ් සලේ නියත වශයෙන්ම 'දේශපාලන ක්‍රීඩාවක' නියැළී ඇති බවද, එය ඉටු කර ගැනීමට මිනිසුන් 300 ක් මරා දමා ඇති බවද, එයට සැලසුම් කර ඇති බවද, බෝම්බ පිපිරවීමට සැලසුම් කර ඇති බවද, මිනිසුන් 500 ක් තුවාල කර ඇති බවද ඔහු පවසනවා.

පාස්කු ප්‍රහාරයේ විමර්ශණ ඔස්සේ ක්‍රමයෙන් කරුණු එළියට පැමිණෙන විට, රාජපක්ෂ කඳවුර කලබල වන බවත්, 'සලේට ගහන කොට, රාජපක්ෂලා අඬන' බවත්, නාමල් රාජපක්ෂ 'කෑ ගසන' බවයි වසන්ත මුදලිගේ වැඩිදුරටත් පවසා සිටියේ.