මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරුන් 04 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් තුන්දෙනෙකු සහ අහුංගල්ල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ.
පොලිස් නිලධාරින් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලැබුණු තොරතුරක් අනුව, අම්බලන්ගොඩ, අහුංගල්ල, බෙන්තොට සහ ඇල්පිටිය යන පොලිස් ස්ථානවල කොස්තාපල්වරුන් 09 දෙනෙකු ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන අතර, එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා තහවුරු කර ඇත්තේ සැකකාර පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවයි.
ඒ අනුව, අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඔවුන් වැඩ තහනමට ලක් කර ඇති අතර, ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් මූලික විමශනයක් සිදු කර, විනයානුකූල පියවර ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



