මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා.
මෙලෙස ක්‍රියාවිරහිත කර ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ස්වාමිපුරුෂයා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගනු ලැබූ දේපළ කිහිපයක් බවයි සඳහන් වන්නේ.
අදාළ ජාවාරම්කාරියගේ දෙවන විවාහක ස්වාමිපුරුෂයා විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති රුපියල් ලක්ෂ 300 ක් පමණ වටිනා තොටළඟ ප්‍රදේශයේ පිහිටි ඉඩම් දෙකක් සහ තෙමහල් නිවසක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියාවිරහිත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අදාළ දේපළ සම්බන්ධව කොළඹ මහාධිකරණය මගින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය දීර්ඝ කර බලාත්මක කර ඇති අතර, අද (05) දින සිට දින 07 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කර සිටියා.
සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



