හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 03 වැනිදා දහවල් කාලයේ බැංකු සේවකයෙකු මුදල් මලු දෙකක් රැගෙන පිටතට යන අවස්ථාවේදී වෙනත් පුද්ගලයෙකු පැමිණ මෙම මුදල් මලු දෙක බලහත්කාරයෙන් කොල්ල කා පලා ගොස් තිබුණු බවයි සඳහන් වන්නේ.



