Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 35,228 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසනවා.

මෙය පසුගිය වසරට සාපේක්ෂව 30% - 40% අතර ප්‍රමාණයක වර්ධනයක් වන බවයි ඔහු‍ ප්‍රකාශ කළේ.

මෙම ඩෙංගු රෝගීන්ගෙන් 80% ක් පමණ වාර්තා වී ඇත්තේ, කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් බව සඳහන්.

බස්නාහිර පළාතෙන් රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙනවා.

දකුණු පළාතේ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත්, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේත්, සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේත් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

මේ වසරේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති බව ද අධ්‍යක්ෂවරයා පවසා සිටියා.

පසුගිය 2025 වසරේදී ඩෙංගු රෝගීන් 29 දෙනෙකු මිය ගොස් ඇති බවයි වෛද්‍ය කපිල කන්නන්ගර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.