ජුනි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා.
ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ.
මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් ජුනි මාසය සඳහා ද වලංගු වෙයි.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළව) පහත පරිදි වේ.
* කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,765 යි.
* කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,910 යි.
* කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 890 යි.




