Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක ඇති වූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 13 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

තවමත් පුද්ගලයන් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සිදු වන අවස්ථාවේදී මෙම රැඳවුම් මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 72 දෙනෙකු සිට ඇති අතර, ගින්න හටගත් අවස්ථාවේදී ඉන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් තිබුණා.