පසුගියදා අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණය පිලිබඳ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
මෙම පරීක්ෂණය අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසම විසින් මියගිය කපිල චන්ද්‍රසේනට එරෙහිව ඉදිරිපත් කර තිබුණු නඩුවක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වන උදාර මුහන්දිරම්ගේ යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
ඉන් අනතුරුව කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ද සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණු බවයි සඳහන් වන්නේ.
වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 09 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.



