Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයේදී පුත්තලම පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට ද මොවුන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ අනුව, සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද රන් මුදු 12 ක් සහ ඔවුන් මීගමුවේ රන් භාණ්ඩ සොරකමට පැමිණි යතුරුපැදිය ද සොයාගැනීමට හැකිවී ඇති බවයි සඳහන් වන්නේ.

වයස අවුරුදු 42 හා 44 වයස්වල පසුවන වැල්ලම්පිටිය හා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසා සිටිනවා.

මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.