Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාව විසින් ඔස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට නියමිතව තිබුණු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් වූ සිද්ධියට අදාළ මහා භාණ්ඩාගාරයේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත භාරදී තිබෙන බව එහි සභාපති හර්ෂ ද සිල්වා පවසනවා.

එම කාරක සභාව ඊයේ (04) රැස්වූ අවස්ථාවේදී මෙම වාර්තාව සියලුම සාමාජිකයින් වෙත ලබාදීමට කටයුතු කළ බවයි ඔහු ප්‍රකාශ කළේ.

අදාළ වාර්තාව පරිශීලනය කර, ලබන සතියේදී ඒ සම්බන්ධයෙන් මුදල් ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද සභාපතිවරයා කියා සිටියා.

මහා භාණ්ඩාගාරය විසින් මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වාගේ නිවසට එවා තිබුණු අතර, ඒ අවස්ථාවේදී ඔහු එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර නැවතත් හරවා යැවූ බවත්, එම වාර්තාව තමාගේ නිවසට නොව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බවයි ඔහු එහිදී පවසා සිටියේ.