Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨ ශිෂ්‍ය සංගමය (MCSU), එම පීඨය තුළ සංවිධානය කර තිබූ වෙසක් උත්සවයකදී වෙසක් කූඩුවකට අලාභහානි සිදු කිරීමේ සිද්ධිය දැඩි ලෙස හෙළා දකිමින් ඔවුන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සිදුවීමට සෘජුවම වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගත යුතු බවයි එම ශිෂ්‍ය සංගමය සඳහන් කරන්නේ.

මෙම වෙසක් උත්සවය ශිෂ්‍ය සංගමයේ අනුමැතිය සහ සහයෝගය ඇතිව සිංහල සිසුන් විසින් සංවිධානය කර තිබූ අතර, එහි සාර්ථකත්වය වෙනුවෙන් දෙමළ සිසුන් ද සක්‍රීයව දායක වී තිබෙනවා. 

සිසුන්ට තම ආගමික හා සංස්කෘතික උත්සව සැමරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබා දුන් බවයි ශිෂ්‍ය සංගමය අවධාරණය කරන්නේ.

සිද්ධිය පොදුවේ සැමට ආරෝපණය කිරීමට සහ එහි වගකීම අසාධාරණ ලෙස සමස්ත දෙමළ ශිෂ්‍ය ප්‍රජාව පිටම පැටවීමට දරන උත්සාහයන් පිළිබඳව ශිෂ්‍ය සංගමය සිය කනගාටුව පළ කර තිබෙනවා. 

මෙම හුදකලා සිදුවීම වාර්ගික ගැටලුවක් බවට පත් කිරීමට දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරන බවත්, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීමට යොදා නොගත යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා.

අදාළ නිවේදනය පහතින්.