මෙරට බන්ධනාගාරවලින් නිදහස් කරන ලද ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු ඉන්දියාවේ චෙන්නායි වෙත ළඟා වී තිබෙනවා.
එම ධීවරයින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කෙරුණු අතර, රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමෙන් පසු, ඉන්දීය බලධාරීන් විසින් ඔවුන් නිදහස් කරවාගෙන සිය රට වෙත ගෙන්වාගෙන ඇති බවයි සඳහන් වන්නේ.



