යල කන්නයේ වී වගා කර ඇති බිම් ප්‍රමාණයෙන් 75%කට මේ වන විට පොහොර සහනාධාර මුදල් ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සඳහා රුපියල් මිලියන 8990 ක් වැය කර ඇති බවත්, මේ සතිය තුළ තවත් රුපියල් මිලියන 2000 ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බවත් එහි කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කළා.
පොහොර සහනාධාරය යටතේ ගොවියෙකුට රුපියල් 30,000 ක මුදලක් හිමි වන වන අතර, මෙවර යල කන්නයේ හෙක්ටෙයාර් තුන් ලක්ෂ 94,299 ක වී වගා කර ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර යූරියා නැවක් සහ MOP පොහොර නැවක් මේ මාසයේ දිවයිනට ළඟාවන බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කර සිටියේ.



