අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුව, වැඩබලන අටමස්ථානාධිපති, පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති මෙම රැස්වීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
මෙවර පොසොන් සමයේ අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් 3,500කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි එහිදී නිලධාරීන් සඳහන් කර තිබෙන්නේ.
මේ අතර, පෙර දැනුම්දීමකින් තොරව කිසිදු දන්සැලක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා නොදෙන බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණා.
එමෙන්ම, පරිසරයට හානි නොකර, පරිසර හිතකාමීව ක්‍රියා කරන ලෙසට අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය පවසා සිටියේ.



