පළමු වරට හමු වූ මෙරටදී නිෂ්පාදනය කළ Mini Uzi වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් ඇතුළු අවි ආයුධ කිහිපයක්, කොළඹ පොදු සුසාන භූමියක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබෙනවා.
ඩුබායි හි සිට මෙරටට පිටුවහල් කළ ‘මහවත්තේ චාමර’ නම් අපරාධකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව මෙම අවි සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ස්වයංක්‍රීය ගිනිඅවියක් වන Mini Uzi වර්ගයේ අවියක්, විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසිනයක් සහ ඊට අයත් උණ්ඩ 3 ක්ද මෙසේ සොයාගත් අවි අතර වනවා.
මෙම Mini Uzi වර්ගයේ ගිනිඅවිය මෙරට නිෂ්පාදනය කළ එකක් බව අනාවරණය වී ඇති අතර, මින් පෙර කිසිදු පොලිස් ඒකකයක් මඟින් එම වර්ගයේ ගිනිඅවියක් මෙරටදී සොයාගෙන නොමැති වීම ද විශේෂත්වයක් බවයි සඳහන් වන්නේ.



