Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව, සංචාරක වීසා උපයෝගි කරගනිමින්, ඩුබායි සහ මොල්ඩෝවා රාජ්‍යයන් හි රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ වරදට අත්අඩංගුවට ගත් රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ‘ඩුබායි සුද්දා’ ජූනි මස 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මොහු විසින් රුපියල් ලක්ෂ 07ක මුදලක් ලබාගෙන, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් කඩුවෙල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ද වන බවයි සඳහන් වන්නේ. 

ඔහු සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර, සංචාරක වීසා මඟින් පුද්ගලයන් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමු කරන ප්‍රධාන ජාවාරම්කරු මොහු වන බවත්, මොහු මීට පෙර ද කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයකු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.