Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බස් ගාස්තු වැඩි කිරීමක් මේ අවස්ථාවේදී සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඉන්ධන මිල වැඩි වූ පමණින් බස් ගාස්තු වැඩි වීමක් සිදු නොවන බවත්, මිල සූත්‍රය අනුව එය 4%කට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු වැඩි වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙවර ඉන්ධන මිල වැඩි වීම සිදු ව ඇත්තේ එම ප්‍රතිශතය ඇතුළත නොවන බව ද ඔහු පෙන්වා දුන්නා.

කුඩා පිරිසක් දේශපාලනික වුවමනාවෙන් විවිධ දෑ සිදු කළ ද බස් ධාවනයෙන් ඉවත්වීමට හේතුවක් නොමැති බවත්, සමස්ත බස් කර්මාන්තය අප ආරක්ෂා කරගත යුතු අතර ඒ වෙනුවෙන් රජය පෙනී සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් ප්‍රකාශ කළා.