2029 හෝ ඊට කලින් එන ජනාධිපතිවරණයේදී, මේ රටේ නියත ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බව තමන් පැහැදිලි ව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.
ඒ සම්බන්ධයෙන් සැක සංකා තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩ අහසට පොළොව මෙන් වෙනස් බවත්, මිනිසුන්ට ජනාධිපති කවුද යන්න වැදගත්කමක් නොමැති අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ වැඩ පමණක් බවත් ඔහු සඳහන් කළා.
මිනිසුන්ට අවශ්‍ය වන්නේ සුරක්ෂිත රටක් සහ අනාගත දූදරුවන්ට සංවර්ධිත රටක් වන අතර, එය සිදු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පමණක් බව ඔහු පෙන්වා දුන්නා. එමෙන් ම, එකී තහවුරු වුණු සංවර්ධනය භාර ගැනීමට ජීවත්ව සිටින එකම නායකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



