මිතුරු පුරවර වැඩසටහන යටතේ නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.
2026 වසරේ අයවැය යෝජනා අනුව නගර සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ යටතේ ‘මිතුරු පුරවර’ නමින් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ බවයි වාර්තා වන්නේ.
මහජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ පහසුව සහ යහපැවැත්ම සඳහා කුඩා නගර සංවර්ධනය කිරීම යන ප්‍රධාන අරමුණු සහිත ව, එම වැඩසටහන මඟින් දිවයිනේ තෝරාගත් නගර 25ක් සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් බැගින් හඳුනාගෙන එකී කාර්යයන් 2026 වර්ෂය තුළ අවසන් කිරීමට ද අපේක්ෂිතයි.
මිතුරු පුරවර වැඩසටහන යටතේ ආරම්භක අදියරේදී ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇති නගර 23ක් සඳහා වන යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 581ක මුදල, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර ගැනීම පිණිස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමි ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.




