Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මේ වන විට ආණ්ඩුවේ අයට නීතිය උඩින් තබා, ආණ්ඩුවට විරුද්ධ ව සිටින අයට නීතිය යටපත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ආණ්ඩුවට එක නීතියක්, කථානායකතුමාට එක නීතියක්, බලශක්ති ඇමතිට එක නීතියක් ද, විපක්ෂයට සහ විපක්ෂයේ කාර්යභාරය ජනතාව වෙනුවෙන් ඉටු කරන අයට වෙන ම නීතියක් ද ක්‍රියාත්මක කරමින් ඇති බවයි අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනතාවගේ ප්‍රසාදය පවතින තාක් රජය පවතිනු ඇති බවත්, අප්‍රසාදයට පත් වූ පසු රජයට යාමට සිදු වන බවත්, එය ඕනෑම ආණ්ඩුවකට පොදු කරුණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ වන විට තමන් රැවටුණු බව ජනතාව විසින් තේරුම්ගෙන ඇති බවත්, තෙල් මිල ඉහළ දැමීමට නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවට එවක මෙම ආණ්ඩුවේ ම පිරිස් ප්‍රකාශ කළ බවත් ඔහු පෙන්වා දුන්නා. 

අද සිදුව ඇත්තේ ආණ්ඩුව සිල්ලර කඩයක් බවට පත්ව තිබීම බවත්, සිතූ සිතූ පරිදි මිල වැඩි කළ ද මිල අඩුවීමක් පෙනෙන්නට නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළා.