Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය මත, බිඳවැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආපදාවට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

නිවාස අහිමි වූ, පදිංචියට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා තම නිවස ඉදිකරගනු ලබන තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා උපරිම මාස 06ක් දක්වා ලබා දුන් මාසික ගෙවල් කුලී දීමනාව, උපරිම මාස 09ක් දක්වා දීර්ඝ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ගල්, පස් සහ සුන්බුන් එකතු වීමෙන් විනාශ වී ඇති කුඹුරු නැවත වගාවට යෝග්‍ය පරිදි සකසා ගැනීම සඳහා, දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් විසින් අනුමත කරනු ලබන ඇස්තමේන්තුවක් අනුව අදාළ ආයතනවල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, එකී සුන්බුන් ඉවත් කර නැවත වගාවට යෝග්‍ය පරිදි සකස් කිරීමට අදාළ ව චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කිරීම සඳහා ද අනුමැතිය හිමි ව තිබෙනවා.

අවශ්‍ය වන ප්‍රතිපාදන, සුදුසු පරිදි ආපදා සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන තුළින් මහා භාණ්ඩාගාරය මඟින් සලසා දීම සඳහා අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.