Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින්, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබා තිබෙනවා.

මෙම නඩුවට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අද (02) අවසන් කෙරුණු අතර, ඉන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම එලෙස කල් තැබූ බවයි වාර්තා වන්නේ.