Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මීට පෙර අප දැක ඇත්තේ, ලෝක වෙළෙඳපොළේ මිලට ඉන්ධන මිල සංසන්දනය නොකිරීම හරහා බලශක්ති ක්ෂේත්‍රය බංකොලොත් කරන ලද ආකාරය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බංකොලොත් වීමටත්, ණයවලින් පිරීමටත් හේතුව වූයේ 2014 වසරේ සිට කිසිදු මිල සංශෝධනයක් සිදු නොකිරීම බවයි අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැමිණ වෙළෙඳපොළ මිලට සංසන්දනය කරන ලෙස සඳහන් කළ බවත්, වෙළෙඳපොළ මිලට ඉන්ධන සකස් කළ ද රජය මෙහි පංගුවක් දැරිය යුතු බවට සිය පක්ෂය දිගින් දිගට ම ප්‍රකාශ කළ බවත් ඔහු ප්‍රකාශ කළා. මෙම අවස්ථාවේදී ඇති වූ බලශක්ති අර්බුදයේදී රුපියල් බිලියන 57ක් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට රජයට හැකි වූ බව ද ඔහු සඳහන් කළා.

බලශක්ති පිරිවැය වැඩි වීමේ පහුගිය මාස තුනේදී ආණ්ඩුව, ජනතාව සහ සමාගම් එය සාමූහිකව දරාගෙන ඇති අතර, කෙසේ නමුත් විදුබල මණ්ඩලයවත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවවත් පාඩු නොකරන තත්ත්වයකට පැමිණ ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව පුනර්ජනනීය බලශක්ති ක්‍රියාමාර්ග ඉතා වේගයෙන් ගනිමින් පවතින බවත්, බලශක්ති පිරිවැය පොරොන්දු වූ අයුරින් ම තුනෙන් එකකින් අඩු කර ගැනීමට හැකි බවට බලාපොරොත්තුවක් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.