Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලේ අලුතින් ඉදිකරන ලද පස්මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා (04) ජනතා අයිතියට පත් කිරීමට නියමිත ව තිබෙනවා.

රුපියල් මිලියන 857කට වැඩි පිරිවැයකින් ඉදිකර ඇති මෙම පහසුකමෙහි බිම් මහලේ සහ පළමු මහලේ මාතෘ වාට්ටු ද, දෙවන සහ තෙවන මහල්වල කාන්තා ශල්‍ය වාට්ටු ද අන්තර්ගත වනවා. 

එහි සිව්වන මහලේ නවීන වෛද්‍ය තාක්ෂණයෙන් සමන්විත නවීන ශල්‍යාගාර හතරක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ව්‍යාපෘතිය, ලක්ෂ පහකට අධික ජනගහනයක් වෙසෙන මොනරාගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද රුපියල් බිලියන 2.9ක සමස්ත ආයෝජනයක කොටසක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අදාළ නිවේදනය පහතින්.