Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පිහිටුවීමට බලාපොරොත්තු වන ජනතාවාදී පාලනය තුළ ජනතාව තමන්ගේ පාලනයටත්, තමන්ගේ අනාගතයටත් වගකියන ක්‍රියාකාරී පුරවැසියන් බවට පත් කිරීම සඳහා ගන්නා වැදගත් පියවරක් ලෙස ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

රට තුළ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති ගණනාවක් තිබී ඇති බවත්, නමුත් ඒ හරහා සිදු ව ඇත්තේ සවිබල ගැන්වීමට වඩා දේශපාලනඥයකුට යැපෙන ජනතාවක් බිහි කිරීමට උත්සාහ කිරීම බවත් අගමැතිනිය සඳහන් කළා.

තවදුරටත් යැපෙන ජනතාවක් වීමට අවශ්‍ය නොමැති අතර, අපගේ දෛවය අපේ අතට ගත යුතු ය යන අධිෂ්ඨානයෙන් 2024 වසර තුළ ජනතාව විසින් පරිවර්තනීය වෙනසක් සිදු කළ බවයි අගමැතිනිය ප්‍රකාශ කළේ.

එම පරිවර්තනීය ගමන සාර්ථක කර ගැනීම සඳහා ආණ්ඩුව, නිලධාරීන් සහ ජනතාව අත්‍යවශ්‍ය බවත්, එම පාර්ශ්ව තුනට ගමන් තුනක් යා නොහැකි අතර සියලු කණ්ඩායම් එක් ව එක ගමනක් යා යුතු බවත් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.