2026 - 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 46 දෙනකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ලබා දී තිබෙනවා.
මෙම කොන්ත්‍රාත් කාලය 2026 අප්‍රේල් මස 01 වැනි දින සිට 2027 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ක්‍රීඩකයන් A1, A2, B1, B2, C1 සහ මධ්‍යස්ථ කොන්ත්‍රාත් යන වර්ග අනුව කාර්යක්ෂමතාව, ස්ථාවරතාව, යෝග්‍යතාව, හැකියාව සහ ජාතික කණ්ඩායම් සඳහා වන ආකෘතිමය අවශ්‍යතා මත වර්ගීකරණය කර තිබෙනවා.
වාර්ෂික කොන්ත්‍රාත් හිමි වූ නව ක්‍රීඩකයන් වශයෙන් කමිල් මිෂාර, ලසිත් කෘස්පුල්ලේ, විජයකාන්ත් වියස්කාන්ත්, ඉසිත විජේසුන්දර, නුජ සහන්, දිලුම් සුදීර සහ තරිඳු රත්නායක ඇතුළත් වී තිබෙනවා.
අදාළ ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් ලැයිස්තුව පහතින්.





