ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්නය ඉදිරියට ගෙන යාම අරමුණු කර ගනිමින්, රාජ්‍ය ආයතනවල ස්ථාපිත “අභ්‍යන්තර කටයුතු ඒකක” වල ක්‍රියාකාරිත්වය සහ 2025-29 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම අනුව, ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආදායම් රැස් කරන හා උපයන ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙම ආයතනවල දූෂණ විරෝධී ප්‍රයත්නය ඉදිරියට ගෙන යාම සහ සුපිළිපන් සංස්කෘතියක් තහවුරු කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ව එහිදී සමාලෝචනය කරන ලදී. එසේ ම මෙම ආයතනවල තවදුරටත් සුපිළිපන් සංස්කෘතියක් තහවුරු කිරීම සඳහා ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳ ව ද සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.




