දන්සලකට ලබා දීම සඳහා කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ බේකරියක නිෂ්පාදනය කරන ලද මාලු පාන් තොගයක් සෞඛ්‍යානුකූල නොවන අන්දමින් සිමෙන්ති පොළොව මත දමා තිබියදී සොයාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඒවා ඊයේ (01) විනාශ කර දැමීමට පියවර ගෙන තිබෙනවා.
කළුතර ප්‍රදේශයේ දන්සල් සහ දන්සල් සඳහා ආහාර නිෂ්පාදනය කරන ආයතන පරීක්ෂා කරමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉකුත් (31) වැනිදා මෙම බේකරිය හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහිදී මෙය නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කටුකුරුන්ද ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දන්සලක් සඳහා මාලු පාන් 2,500ක ඇණවුමක් මෙම බේකරියට ලබා දී තිබූ බවට වාර්තා වනවා. එහිදී නිෂ්පාදිත මාලු පාන් තොගයක් පෙට්ටිවල අසුරා තිබූ අතර, අනෙක් මාලු පාන් 550ක ප්‍රමාණය මෙලෙස බිම දමා තිබියදී සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



