Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඇමෙරිකානු එක්සත් ජනපද රජය මඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 Sea Ranger වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා දහය (10) මේ වන විට මුහුදු මාර්ගයෙන් දිවයිනට ළඟා වී තිබෙනවා.

මෙම නව යානා එකතුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලමින් එහි සමස්ත බලඇණිය ශක්තිමත් කිරීමට ලැබුණු සුවිශේෂී දායකත්වයක් බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

දිවයිනට ළඟා වූ මෙම හෙලිකොප්ටර් යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එකලස් කෙරෙනවා. ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව ඒවා නිල මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට නියමිතයි. 

මෙම යානා ප්‍රධාන වශයෙන් ම ගුවන් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර මෙන්ම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් (SAR) ඇතුළු විවිධ මානුෂීය කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂිත බවයි වාර්තා වන්නේ.