Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ලලිත් - කූගන් නඩුවට අදාළව මාර්ගගත ක්‍රමවේදයෙන් සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර හිමි ව තිබෙනවා.

අදාළ නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

2011 වසරේ දෙසැම්බර් මස 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ හබයාස් කොපුස් පෙත්සමකට අදාළව සාක්ෂි දීම සඳහා, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා පෙනී සිටින ලෙස දන්වා එම අධිකරණය මඟින් සිතාසි නිකුත් කර තිබුණා.