Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය යටතේ, දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් අද (02) ආරම්භ කර තිබෙනවා.

ප්‍රජා සංවර්ධන සභා මඟින් හඳුනාගත් නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනයට සෘජුව ම දායක වන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් සියලු දිස්ත්‍රික්ක වෙත නිදහස් කර තිබෙන බවයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය සඳහන් කළේ.

“ප්‍රජා ශක්ති – ගම් දහසක වැඩ දහසක්” වැඩසටහනේ ප්‍රධාන සමාරම්භක උත්සවය අද (02) පෙරවරු 9.00ට ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්පිටිය ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි.

මීට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන වැඩසටහන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවම වශයෙන් ව්‍යාපෘති 3ත් 5ත් අතර සංඛ්‍යාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයන්, රජයේ නිලධාරීන් සහ සහායක ආයතනවල සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවයි වාර්තා වන්නේ.