Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයකුට අප්‍රේල් මාසයේ අවශ්‍ය අවම වියදම රු. 17,117 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

මාර්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16,690ක් ලෙස සටහන් වූ අතර, ඊට සාපේක්ෂව අප්‍රේල් මාසයේ නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 427කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් මාසයේ නිල දරිද්‍රතා රේඛාවට අනුව එහි ඉහළ ම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය රුපියල් 18,461ක් වනවා. අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය රුපියල් 16,367ක් වන බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ වාර්තාව පහතින්.