අද (28) දිනට යෙදී ඇති හජ්ජි උත්සවය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සහ පල්ලි අවට රථවාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනවා.
මීට අමතරව ඉස්ලාම් භක්තිකයන් බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව ජංගම, පාමුර, බීට්ටු සහ යතුරුපැදි සංචාර යොදවමින් ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම අවස්ථානෝචිතව තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි නිලධාරීන් ද රාජකාරියේ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.





