කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ, ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි පැය 48 ක කාලය තුළ කැලණි ගඟ නිම්නයේ හංවැල්ල ප්‍රදේශයෙන් පහළ පිහිටි සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත්, කැලණි ගඟ ආසන්නයේ පවතින පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ඒ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහතින් දැක්වේ.




