ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබීමත් සමඟ, ඊට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව, කරුණු 05කින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් මේ බව සඳහන් නිල නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග 05 මෙසේයි:
1. ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණය ශක්තිමත් කිරීම
2. ජාතික බෝවන රෝග විද්‍යායතනය පෙර සූදානමක තැබීම
3. වෛද්‍ය පර්යේෂණ ආයතනය සූදානම් කිරීම
4. දේශීය ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්ත්වය අධ්‍යයනය
5. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සම්බන්ධීකරණය
එසේම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව, ශ්‍රී ලංකාව මෙම රෝගය පැතිරීමේ අවදානම අඩු රටක් ලෙසට නම් කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.




