Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කාසල් වීදියේ කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමේ සැත්කම් හෝ ප්‍රතිකාර සිදු කරනු ලබන බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසනවා.

විශේෂ නිල නිවේදනයක් නිකුත් කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කරන්නේ, එවැනි කිසිදු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රියාවලියක් හෝ සැත්කමක් මෙම රෝහල් පරිශ්‍රය තුළ සිදු නොවන බවයි.

මෙම අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් ඕනෑම මට්ටමක විමර්ශනයක් සිදු කිරීමට වගකිව යුතු අංශවලට අවශ්‍යතාවක් පවතින්නේ නම්, ඒ සඳහා රෝහල් පාලනාධිකාරියේ පූර්ණ විවෘතභාවය සහ සහයෝගය හිමිවන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ නිවේදනය පහතින්.