රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛයට අනුව, එළඹෙන මැයි මස 31 වන දින සිට සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවයි දැක්වෙන්නේ.
ඊට අමතරව, තනි භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය ආයතනය තුළ භාවිත කිරීම වැළැක්වීම සඳහා සියලුම ආයතන ප්‍රධානීන් විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ද එහි සඳහන් වනවා.
මෙම නව චක්‍රලේඛයට අමතරව, පසුගිය වසරේ අප්‍රේල් මස 02 වන දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් විධිවිධාන ද තවදුරටත් බලාත්මක වන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.
අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.




