පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා අර්ධ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 200 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
හානියට පත් නිවාස අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයෙන් පමණක් නිවාස හානි 90 ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 22 ක්, මඩකලපුව සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් නිවාස 25 බැගින්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 14 ක්, කොළඹ සහ මන්නාරම දිස්ත්‍රික්කවලින් නිවාස 05 බැගින්, මොනරාගල සහ යාපනය දිස්ත්‍රික්කවලින් නිවාස 04 බැගින් ද අර්ධ හානියට ලක්ව තිබෙනවා.
එමෙන්ම හම්බන්තොට, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ද නිවාස 02 බැගින් අර්ධ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 66කට අයත් පවුල් 1,582 ක පුද්ගලයන් 5,267 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියා.




